ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ලබන සතියේ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවීමට සැලසුම් කර ඇති පසුබිමක, ඉන්දියාව සිය පළමු වැනි මන්කිපොක්ස් රෝගියා වාර්තා කර ඇත.
රෝගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ජුලි 12 වැනි දින දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ආපසු පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙක් බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ප්‍රකාශ කළේය.
"සියලු පියවර ගනිමින් සිටින අතර රෝගියාගේ තත්ත්වය ස්ථාවරයි" ජෝර්ජ් වැඩිදුරටත් පැවසුවේ සන්සුන්ව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමිනි.
මෙම පුද්ගලයා තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්ස අතර ඉක්මනින් මන්කිපොක්ස් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කරන ලදී. පවුලේ සාමාජිකයන්, කුලී රථ රියදුරෙකු සහ ගුවන් යානයේ රෝගියාට සමීපව වාඩි වී සිටි මගීන් ඇතුළු ඔහුගේ සමීප සම්බන්ධතා 11ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව ජෝර්ජ් පැවසීය.