ඉන්දියාවේ නැගෙනහිර ජාහ්ර්කාන්ද් ප්රාන්තයේ බස් රථයක් සහ ට්රක් රථයක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම අනතුරින් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවද පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් ළඟම පිහිටි රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.
ඉන්දියාවේ මෙවැනි මාර්ග අනතුරු සුලභව වාර්තා වන්නේ මාර්ගයන් හි පවතින අබලන් තත්ත්වයන් මෙන්ම, රිය ධාවනයේ නොසැලකිලි තත්ත්වයන්ද හේතුවෙනි.