ඉන්දියාවේ පැය 24ක් තුළ නව කොවිඩ් ආසාදිතයන් 796ක්


ගෙවුණු පැය 24 තුළ  ඉන්දියාවේ නව කොරෝනා වෛරස් රෝගීන් 796ක් වාර්තා වී ඇති අතර අද (13දා) වනවිට රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,152ක් බව තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ඉන්දියාවේ සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 35කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 308ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර, ආසාදිතයන්ගෙන් රෝහල්ගතව සිට සුවය ලැබූ රෝගීන් 857ක් පමණ නිදහස් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයට අනුව අප්‍රේල් 12දා වනවිට ඉන්දියාව කොවිඩ්-19 සාම්පල 195,748ක් පරීක්‍ෂා කර තිබේ.

වෛරසය පැතිරීම තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ඉන්දීය ප්‍රාන්ත තුනක් අප්‍රේල් 30දා දක්වා තවදුරටත් වසා දැමීමට බලධාරීන් සෙනසුරාදා ක්‍රියා කළේය.

කෙසේ වෙතත් සමස්ත ඉන්දියාවම වසා දැමීම දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැත.



Recommended Articles