ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාන්ත රජයේ ඇමති බ්‍රිජේෂ් මර්ජා පවසයි.
ගුජරාට් ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය හාර්ෂ් සන්ග්හාවි පැවසුවේ, ඉරිදා සවස මෙම ඛේදවාචකය සිදුවී ඇති අතර, පුද්ගලයන් 150ක් පමණ එම අවස්ථාවේදී ඒ මත සිට ඇති බවය.
මෝර්බි නගරයේ පාලම මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇති අතර, සිද්ධිය සිදුවූයේ කෙසේද සහ ඇයි දැයි රජය විමර්ශනය කරන බව අමාත්‍ය බ්‍රිජේෂ් මර්ජා පැවසීය.
දැනට අවධානය යොමු වී ඇත්තේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් කෙරෙහි බව ඔහු වැඩිදුරටත් පැවසීය.