ඉන්දියාවේ ප්‍රකට යෝගා ආච්චි 99 වැනි වියේදී දිවියට සමුදෙයි


ඉන්දියාවේ වයෝවෘද්ධම යෝග ගුරුවරිය ලෙස කටයුතු කළ වී නානාමාල් තමිල්නාඩුවේ, කොයිම්බටෝර්ටේ හිදී අවුරුදු 99ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට මාස කිහිපයක් එලැඹෙන තුරු ඇය සිය ගණනක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යෝගා ගුරුහරුකම් ලබාදී තිබුණි.

කෘෂිකර්මයේ නිරත ගොවි පවුලක උපන් ඇය යෝගා අභ්‍යාස ඉගෙනගෙන තිබුණේ සිය පියාගෙනි.

යෝගා අභ්‍යාසයන්හි ඉතා අපහසු ආසන 50කට වැඩි සංඛ්‍යාවක කෙළ පැමිණි ඇය, සිය ජීවිත කාලය තුළ මිලියනයකට අධික ශිෂ්‍ය පරපුරක ගුරුවරියකි.

ඔවුන්ගෙන් සිය ගණනක් මේ වනවිට ලොව පුරා යෝග ගුරුවරු හා ගුරුවරියන් ලෙස කටයුතු කරති.

යෝගා ආච්චි ලෙස නම් දරා සිටි ඇය, ඉන්දියාවේ උසස්ම පුද්ගලයන්ට පිදෙන පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලබා තිබුණි.

මීට සතියකට පෙර ඇඳෙන් ඇද වැටී තිබූ ඇය, එතැන් සිට යම් දුර්වලබවක් පෙන්වා තිබුණි. ඇයගේ ප්‍රමුඛ වාක්‍යයක් වන්නේ, "ඔබේ ජීවිතයේ මුල් තැන සෞඛ්‍යයට ලබාදෙන්න, අනෙක් සියල්ල දිනාගැනීමට පුළුවන්." යන්නයි.



Recommended Articles