ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදන ලක්ෂ 4ට ආසන්නයි


කොවිඩ්-19 වෛරසය හමුවේ සුනාමියකට නතුව ඇති ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4ක සීමාවට ආසන්න බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව ගෙවීගිය දිනයේ ඉන්දියාව දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 386,452ක් වාර්තා කර තිබුණේ, වසංගතය ආරම්භයේ සිට ලොව ඕනෑම තැනක දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය යළිත් සනිටුහන් කරමිනි. මේ සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය 18,762,976ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, එම පැය 24ක කාලය තුළ ඉන්දියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3,498ක් බවට පත්වෙමින්, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 208,330ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.



Recommended Articles