ඉන්දියාවේ දැඩි උණුසුම නිසා මරණ 100ට ළඟයි


ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක පවතින දැඩි උණුසුම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ පුද්ගලයන් 97දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බටහිර බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල මෙම උණුසුම් කාලගුණික තත්ත්වයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇති අතර, මියගිය පිරිස වයස අවුරුදු 60 ඉක්මවූ විවිධ නිධන්ගත රෝගාබාධයන්ගෙන් පීඩා විඳි අය බව සඳහන් වේ.

ඔවුන් වැඩි දෙනෙකු දැඩි උණුසුම සමග ඇති වූ අධික උණ තත්ත්වය, වමනය, අතීසාරය සහ ශ්වසන අපහසුතා සමග ඇතිවූ හෘද රෝගී තත්ත්වයන්ටද ගොදුරු වෙමින් රෝහල්ගත කර පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles