ඉන්දියාවේ ගෙවුණු පැය 24ට කොවිඩ-19 මරණ 4,329ක්


ඉන්දියාව ගෙවුණු පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 263,533ක් හා වෛරසය ආශ්‍රිත මරණ 4,329ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉන්දියාව පසුගිය දින කිහිපය පුරා සමස්ත ආසාදිතයන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ 4,000 ඉක්මවූ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 25.23ක් වන අතර, මරණ සංඛ්‍යාව 278,719ක් බවට පත්ව තිබේ.



Recommended Articles