ඉන්දියාවේ ගවයන් වැලඳ ගැනීමේ දිනය විවේචනයට


ආදරවන්තයන්ගේ දිනය ගවයන් වැලඳ ගැනීමේ දිනය ලෙස වෙනස් කිරීමට ඉන්දියාව දැරූ උත්සාහය විවේචනයට හා හාස්‍යයට ලක්ව ඇති බව පවසයි.

ඉන්දියාව ගවයා දේවත්වයෙන් සලකන අතර, බටහිර ආභාෂයෙන් ඇති වූ වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කරමින්, එය ගවයන් වැලඳ ගැනීමේ දිනය ලෙස වෙනස් කිරීමට කටයුතු කර ඇත්තේ චිත්තවේගී පොහොසත්බව ඇති කිරීමේ අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාව එරට තුළම විවේචනයට ලක්ව ඇති අතර, ෆේස්බුක් ඇතුළු සමාජජාලාවල මෙම හැරවුම හාස්‍යයට ලක්කරන දෑ දහස් ගණනින් හුවමාරු වීමට පටන්ගෙන තිබේ.



Recommended Articles