ඉන්දියාවේ ගංවතුරට කෝච්චියක් බිලි - එහි මගීන් 1050 බේරාගෙන


ඉන්දියාවේ මුම්බායි නුවර හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග දුම්රියක කොටුවූ පුද්ගලයන් 1,050 දෙනෙකු බේරාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

වන්ගානි නගරය ආසන්නයේදී දුම්රිය මාර්ගය හදිසියේම ගංවතුරින් යටවීමත් සමග හෙලිකොප්ටර්, බෝට්ටු සහ කිමිදුම් කණ්ඩායම් වහාම යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

දුම්රිය තුළින් පිටතට නොපැමිණෙන ලෙස ඔවුන්ට දන්වා සිටිය නමුත්, පැය 15කට අධික කාලයක් ආහාර හෝ ජලය නොමැතිව එහි රැඳී සිටීමට සිදුවූ බව මගීහු පවසති.

දකුණු ආසියානු කලාපයට පසුගිය සතියක පමණ කාලයක සිට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 600කට ආසන්න වෙයි.

දුම්රියේ සිට බේරාගත් පුද්ගලයන් අතර ගැබිණියන් 9 දෙනෙකු සිටි බවත්, මෙම සිදුවීමෙන් කිසිවෙකුටවත් හනියක් නොවූ බවත් දුම්රිය බලධාරීහු පවසති.



Recommended Articles