ඉන්දියාවේ එල්ලෙන පාලම් අනතුරට හේතුව හෙළිවෙයි


රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් විනාශ වූ කම්බි සහ නිසි පරිදි සිදු නොකළ වෙල්ඩින් හේතුවෙන් වසර 145ක් පැරණි ඉන්දීය එල්ලෙන පාලමේ අනතුරට හේතුව බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

පසුගිය වසරේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයන් 135දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම පාලම මත විශාල පිරිසක් රැඳී සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුවිය.

ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි නගරයේ පිහිටි යටත්විජිත සමයට අයත් මෙම එල්ලෙන පාලම පසුගිය වසරේ ඔක්තෝබර් 30දා කඩා වැටුණු අතර, මාස ගණනාවක් පුරා සිදුකළ අලුත්වැඩියා කිරීම්වලින් පසුව එය යළි විවෘත කර දින කිහිපයකින් මෙම අනතුර සිදුවිය.



Recommended Articles