ඉන්දියාවේ ආසාදිතයන් හා මරණ වාර්තා වීම ඉහළ යයි


ඉන්දියාවේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාවීම දිනෙන් දින ඉහළ අගයක් ගන්නා බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ගෙවීගිය දිනයේ ඉන්දියාවෙන් නව ආසාදිතයන් 12,000ක් පමණ වාර්තා වී ඇති අතර, ඊට සාපේක්ෂව මරණ 311ක් වාර්තා වී තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 320,922ක් වන අතර, වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,195කි.

මේ අතර ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසාදිත අගය වැඩිවීමත් සමග හදිසි රෝහල් ලෙස සකස් කළ දුම්රිය එම නගරය වෙත යවා ඇති අතර, දරුණු ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් සිදුකරන වේගවත් පරීක්ෂා කිරීම් වැනි ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

දිල්ලිය පසුගිය දින දෙක තුළ නව ආසාදිතයන් 2,000ක් වාර්තා කර ඇති අතර මුම්බායි සහ අහමදාබාද් නගර සමග ඉන්දියාවේ වසංගතයේ මර්මස්ථානයක් බවට දිල්ලියද පත්ව තිබේ.



Recommended Articles