ඉන්දියාවේ ආසාදිත 42,500 යි පාකිස්තානය 20,000 ඉක්මවයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ඉන්දියාව පුරා පුද්ගලයන් 42,500ක් ඉක්මවා ආසාදනය වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

එමෙන්ම ඉන්දියාවට සමීප පාකිස්තානය තුළ මේ වනවිට ආසාදිත සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවද අද (04දා) අලුයම එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

එහිදී, වෛරසය ආශ්‍රිත මරණවලින් ඉන්දියාව තුළ මේ දක්වා මරණ 1,391ක් වාර්තා වන අතර, පාකිස්තානයේ මරණ 457ක් වාර්තා වෙයි.

වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සැලකීමේදී ඉන්දියාවේ එම අගය 11,775ක් වන අතර, පාකිස්තානයේ 5,114කි.



Recommended Articles