ඉන්දියාවේ අන්ත දරිද්‍රතාව අඩකින්ම අඩුවෙලා - WB


ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාවේ අන්ත දරිද්‍රතාව 2011 සිට 2019 දක්වා 12.3%කින් පහත වැටී ඇතැයි ලෝක බැංකු ප්‍රතිපත්ති පර්යේෂණ ක්‍රියාකාරී පත්‍රිකාවක් අනාවරණය කරයි.

වාර්තාවට අනුව, 2011 දී 22.5% සිට 2019 දී 10.2% දක්වා පහත වැටී ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල පහත වැටීම නාගරික ප්‍රදේශවලට වඩා බෙහෙවින් වැඩිය.

අන්ත දරිද්‍රතාවය තක්සේරු කිරීම සඳහා ප්‍රවේශයන් දෙකක් අනුගමනය කර ඇත. "ප්‍රවේශයන් දෙකම ගුණාත්මකව සමාන මට්ටම් සහ ප්‍රවණතා ලබාදී ඇති බව කියයි.

එමෙන්ම, 2011 සිට 2015 දක්වා රටේ අන්ත දරිද්‍රතාව 19.1%ක් දක්වා පහත වැටී ඇති බව අධ්‍යයනයෙන් හෙළි විය. ඉදිරි වසර හතර තුළ දිළිඳුකම 9.1%කින් තියුණු ලෙස පහත වැටී 10% දක්වා පහළ ගොස් තිබේ. 2017 සහ 2018 අතර අන්ත දරිද්‍රතාව දශක දෙකකට වැඩි කාලයක් තුළ වේගවත්ම පහත වැටීමක් දුටු බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

2011 සහ 2015 අතර ග්‍රාමීය දරිද්‍රතාව 4.4%කින් අඩු වූ අතර, එය ඊළඟ සිව් අවුරුදු කාලය තුළ 21.9% සිට 11.6% දක්වා තියුණු ලෙස පහත වැටුණි.

මේ අතර, නාගරික දරිද්‍රතාව 6.6%කින් තියුණු පහත වැටීමක් දුටු අතර, 2015 දී 12.9% සිට 2019 දී 6.3% දක්වා අඩු වේගයකින් එය සිදු වුවද පරිභෝජන අසමානතාවයේ මධ්‍යස්ථභාවයක්ද වාර්තාවේ සඳහන් විය.



Recommended Articles