ඉන්දියාවේ අධ්‍යාපන ආයතනයක ගින්නකින් සිසුන් 17ක් මරු දකිති


ඉන්දියාවේ අධ්‍යාපන ආයතනයක පන්ති කාමරවල ගින්නක් පැතිර යාමෙන් එහි ඉගෙනුම ලැබූ දරුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

බටහිර සූරා නගරයේ ඇති වූ මෙම ගින්න හේතුවෙන් අධ්‍යාපන ආයතනයේ උඩු මහලින් දරුවන් බිමට පැන ඇති බව වාර්තා වෙයි.

මෙහි අමතර පන්තිවලට සහභාගී වූ දරුවන් වැඩි පිරිසක් මෙම ගින්නට ගොදුරුව ඇති බවද සඳහන් වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතත්, මෙම අධ්‍යාපන ආයතනයේ වහලේ වූ අමුද්‍රව්‍ය මෙම ගින්න වේගයෙන් පැතිර යාමට හේතුව බව බලධාරීහු පවසති.

ගින්නට හසුවීමෙන් තවත් දරුවන් 20 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවද එරට රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.



Recommended Articles