නව ඉන්ෆ්ලුවෙන්සා වර්ගයක් ව්‍යාප්ත වීමත් සමග ඉන්දීය රජය සියලුම ප්‍රාන්තවලට උපදේශනයක් නිකුත් කර තිබේ.
ප්‍රධාන වශයෙන් බාල වයස්කරුවන්ට බලපාන වෛරස් රෝගය නිසා විශාල රතු බිබිලි ඇතිවන නිසා මෙය තක්කාලි උණ ලෙසින්ද හැඳින්වීමට පටන්ගෙන ඇත.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අඟහරුවාදා නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, රටේ දකුණු ප්‍රාන්තවල මෙම රෝගය බහුලව පවතින අතර, අවුරුදු පහට අඩු ළමයින් සම්බන්ධ රෝගීන් 82කට වඩා වාර්තා වී ඇත. පළමු උණ රෝගය කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූයේ මැයි 6 වැනිදාය.
නව උණ අත් පා සහ මුඛ රෝග (HFMD) වර්ගයක් බව විද්‍යාඥයින් විශ්වාස කළද, රෝග කාරකයේ නිශ්චිත ස්වභාවය හඳුනා ගැනීමට ඔවුන් මෙතෙක් අපොහොසත් වී ඇත.