ඉන්දියාවෙන් තවත් දෛනික කොවිඩ් ආසාදන වාර්තාවක්


ගෙවීගිය පැය 24 තුළ ඉන්දියාව විසින් වාර්තා කරන ලද නව කොවිඩ්-19 ආසාදිතයන් 234,692ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත ඊයේ (17දා) පෙන්වා දුන් අතර, ඒ සමග එරට ජාතික ආසාදන සංඛ්‍යාව මිලියන 14.52ක් ඉක්මවා තිබේ.

මෙය වඩාත් අවධානයට යොමුකළ යුතු තත්ත්වයක් වන්නේ ඉන්දියාවේ පසුගිය දින නවය තුළ දෛනිකව වාර්තා වූ 8 වැනි ආසාදන වාර්තාවද එය වීම නිසාය.

කොවිඩ්-19 වලින් රටේ මරණ 1,341ක් ගෙවීගිය දිනයේ වාර්තා වී ඇති අතර, ඒ සමග ඉහළ ගොස් ඇති සමස්ත ආසාදන සංඛ්‍යාව 175,649ක් වූ බව දත්ත පෙන්වා දෙයි.



Recommended Articles