ඉන්දියාවට ලබාදුන් තීරුබදු රහිත ඇමෙරිකානු සහන අවසන් කරයි


ඉන්දියාව සමග පවතින වරණීය වෙළෙඳ ගිවිසුම එලැඹෙන සතියේදී අවසන් කරන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එක්සත් ජනපදය වෙත තීරුබදු රහිතව විශාල භාණ්ඩ තොගයකට ඇතුළු වීමට අවසර ලැබීමේ මෙම වරණීය වෙළෙඳ ගිවිසුම යටතේ වැඩිම වරප්‍රසාද ලැබූ රාජ්‍ය ඉන්දියාව ලෙස සැලකෙයි.

කෙසේ වෙතත්, එලැඹෙන බදාදා දින සිට මෙම තත්ත්වය අවසන් වන බවත්, ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමේ සිය වැඩපිළිවෙළ යටතේ මෙය සිදුවන බවත් හෙතෙම සඳහන් කර ඇත.

ඉන්දියාව තවදුරටත් සහන ලැබිය යුතු රාජ්‍යයක් නොවන බැවින් මෙම සහනය තවදුරටත් ඉන්දියාවට ලබාදිය නොහැකි බවත් ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මෙම ක්‍රියාවෙන් ඉන්දීය ආර්ථිකයට දැඩි තර්ජනක් අත් නොවන බව ඉන්දියාව පවසයි.



Recommended Articles