ඉන්දියාවට ආවේණික නවතම ගෙබි විශේෂයක් සොයාගෙන


ඉන්දියානු පර්යේෂකයන් පිරිසක් විසින් එරටට ආවේණික නව ගෙබි විශේෂයක් සොයාගෙන තිබේ.

මෙම ගෙබි විශේෂය දකුණුදිග ඉන්දියාවේ, බටහිර ඝාට්ස් හෙවත් සාහයද්‍රි කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණේ දිල්ලි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි.

ඒ අනුව, මෙම ගෙම්බන් ඉන්දියාවේ නවතම ගෙබි විශේෂයක් ලෙස මිස්ටිසෙල්ස් විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වා දෙයි.

ලතින් භාෂාවෙන් ගුප්ත සහ කුඩා යන අරුත මෙම විද්‍යාත්මක නාමයෙන් හෙළි වෙයි.



Recommended Articles