ඉහළ සැපයුම්කරුවන් වන රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම මධ්‍යයේ ඉන්දියාව ලොව ප්‍රමුඛතම තිරිඟු අපනයනකරු බවට පත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දීය රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
එහිදී රුසියාවෙන් සහ යුක්රේනයෙන් සැපයුම් සඳහා විකල්ප සොයන ගැනුම්කරුවන්ගේ ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් මධ්‍යයේ ඉන්දියාව ඉන් ප්‍රයෝජන ගැනීමට සූදානමින් සිටියි.
අපනයන වර්ධනය සහතික කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ නවදිල්ලිය ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ග කිහිපයක්ද වන අතර, ඒ අනුව අපනයනය සඳහා තිරිඟුවල ගුණාත්මකභාවය වහා පරීක්ෂා කිරීමට රජයේ සහතික ලත් රසායනාගාරවලට නියෝග කිරීම, තිරිඟු අපනයනයට වරාය බලධාරීන් ප්‍රමුඛත්වය දීමට සැලැස්වීම සහ ධාන්‍ය ප්‍රවාහනය සඳහා අමතර දුම්රිය පහසුකම් ලබාදීම ඊට ඇතුළත්ය.
මාර්තු 31 වැනිදායින් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව තිරිඟු ටොන් මිලියන 7ක් අපනයනය කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත. කෙසේ වෙතත් මෙම වර්තමාන අපනයන අගය ඉන්දියාව තවමත් අංක එකට පත්ව නොමැත. කෙසේ වෙතත්, රුසියාව දැනට ලොව විශාලතම තිරිඟු අපනයනකරුවා වුවත්, යුක්රේනය ආශ්රිත සම්බාධක හේතුවෙන් පසුගිය මාසයේ රුසියාවෙන් ධාන්‍ය නැව්ගත කිරීම් අඩකට වඩා අඩුවූ බැවින්, මෙය ඉන්දියාවට වාසිදායක තත්ත්වයක් වී තිබේ.