ඉන්දියාව රුසියානු බොරතෙල් සඳහා ඉහළ වට්ටම් ඉල්ලලා


බටහිර සම්බාධක මධ්‍යයේ මොස්කව් සමග ගනුදෙනු කිරීමේදී වැඩිවන වෙළෙඳ අවදානම් සඳහා වන්දි ගෙවීමට සිදුවිය හැකියැයි පවසමින්, රුසියානු බොරතෙල් සඳහා ඉතා ඉහළ වට්ටම් ලබාගැනීමට ඉන්දියාව උත්සාහ කරමින් සිටින බව බ්ලූම්බර්ග් අනාවරණය කරයි.

බොරතෙල් මිලදී ගැනීම් සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම වැනි අමතර බාධක සඳහා වන්දි ගෙවීමට සිදුවේවි යැයි පවසමින්, බොරතෙල් ඉන්දියාව වෙත ගෙනැවිත් දීමේ පදනම මත රුසියානු බොරතෙල් බැරලයක් ඇ.ඩොලර් 70කටත් වඩා අඩු මිලකට ලබාගැනීමට ඉන්දියාව අපේක්ෂා කර ඇත්තේ, දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී බව නම් නොකළ එම මූලාශ්‍රය පෙන්වා දෙයි.

එම මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙබරවාරි මස අගදී යුක්රේනයේ ගැටුම ආරම්භ වූදා සිට ඉන්දියාවේ රජය සතු සහ පෞද්ගලික පිරිපහදුකරුවන් රුසියානු බොරතෙල් බැරල් මිලියන 40කට වඩා මිලදීගෙන ඇති බවය. බ්ලූම්බර්ග්ගේ ගණනය කිරීම්වලට අනුව එය 2021 වසර මුළුල්ලේම රුසියාවෙන් ඉන්දියාවට ගලාගිය බොරතෙල් ප්‍රමාණයට වඩා 20%කටත් වඩා වැඩි ප්‍රමාණයකි.

රුසියාව ඉන්දියාවේ මිල ඉල්ලීම්වලට එකඟ වී ඉන්දියාවට බොරතෙල් ලබාදෙන්නේ නම්, රාජ්‍ය පිරිපහදුකරුවන් මසකට බැරල් මිලියන 15ක් පමණ ලබාගැනීමට සූදානම් බව ආරංචි මාර්ග පවසයි. ඒ අනුව, බටහිරින් බෝල්ටික් මුහුද හරහා සහ ගිම්හානයේදී රුසියානු ඈත පෙරදිග සිට ඉන්දියාවට සැපයුම් ගලා යාමේ වඩාත් ප්‍රවේශ විය හැකි ක්‍රම මොස්කව් සොයමින් සිටින බවද අනාවරණය වෙයි.



Recommended Articles