ඉන්දියාව තෙවැනි ඔමික්‍රෝන් ආසාදිතයාත් වාර්තා කරයි


ඉන්දියාව සෙනසුරාදා සිය තුන්වැනි කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ආසාදිතයා බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් දිස්ත්‍රික්කයෙන් අනාවරණය විය.

"සිම්බාබ්වේ සිට ආපසු පැමිණි අයෙකු ගුජරාටයේ ජම්නගර් හි කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බව සොයාගෙන තිබෙනවා" යැයි ගුජරාට් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවක් පැවසීය. "මෙය ඉන්දියාවේ ඔමික්‍රෝන් ආසාදිත තෙවැනි සිද්ධියයි."

72 හැවිරිදි ජම්නගර් පදිංචිකරු බ්‍රහස්පතින්දා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු ජාන අනුක්‍රමණය සඳහා යවා ඇති බව වාර්තා පවසයි.

බ්‍රහස්පතින්දා ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකු කර්නාටක ප්‍රාන්තයෙන් අනාවරණය වූ බවයි. එක් අයෙකු සංචාරක ඉතිහාසයක් නොතිබූ 46 හැවිරිදි බැංගලෝරයේ සම්පූර්ණ එන්නත් කළ වෛද්‍යවරයකු වන අතර, අනෙකා සෘණාත්මක කොවිඩ්-19 වාර්තාවක් සමග ඉන්දියාවට පැමිණි 66 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.

ඔවුන් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් පස් දෙනෙකුද නිරීක්ෂණ යටතේ තබා ඇති අතර ඔවුන්ගේ සාම්පල ජාන අනුක්‍රමණය සඳහා යවා ඇති බව නිලධාරීහු පැවසූහ.

විශේෂයෙන්ම අවදානම් රටවලින් පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉන්දියාව දැනටමත් වේගවත් කර ඇත.



Recommended Articles