ඉන්දියාව තිරිඟු අපනයනය වහාම තහනමට ලක්කරයි


ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

ඉන්දියාව සිකුරාදා දින නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව, මෙම තීරණය "රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාව කළමනාකරණය කිරීම සහ අසල්වැසි සහ අවදානමට ලක්විය හැකි රටවල අවශ්‍යතා සඳහා සහාය වීම" වෙනුවෙන් බව කියයි.

එහෙත් ඉන්දීය බලධාරීන් පැවසුවේ යම් කොන්දේසි සපුරාලන නැව්ගත කිරීම් තහනමෙන් නිදහස් කරන බවයි.

"රජයේ දැනුම්දීමේ දිනට හෝ ඊට පෙර ආපසු හැරවිය නොහැකි ණයවර ලිපියක් (ICLC) නිකුත් කර ඇති නැව්ගත කිරීම්වලදී අපනයනයට අවසර දෙනු ලැබෙනවා." නිවේදනයේ සඳහන් වේ.

එසේම, ආහාර සුරක්ෂිතතා අවශ්‍යතා සපුරාලීම සඳහා යම් රජයක ඉල්ලීම මත ඉන්දීය රජය විසින් වෙනත් රටවලට තිරිඟු අපනයනයට අවසර දෙන බවද කියයි.



Recommended Articles