ඉන්දියාවේ කැඩිලා හෙල්ත්කෙයාර් සමාගමේ සයිකොව්-ඩී කොවිඩ්-19 මර්දන එන්නතෙහි නිෂ්පාදනය ආරම්භ කරන විට ලබන මාසයේ සිට වයස අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුම ඉන්දියානු දරුවන්ට කොවිඩ්-19 එන්නත් ලබාදීම අරඹන බව වාර්තා වෙයි.
ලොව ප්රථම ඩීඑන්ඒ පදනම් කරගත් එන්නතක් වන මෙම එන්නත, පසුගිය මාසයේදී ඉන්දීය නියාමකයන්ගේ හදිසි භාවිත අවසරය ලබාගෙන තිබුණි. මෙම එන්නත් මාත්රා මිලියන 10ක් ඔක්තෝබර් සිට මාසිකව නිෂ්පාදනය කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බවද කියයි.