2021 ඔක්තෝබර් 15 වැනි දින සිට වරලත් ගුවන් ගමන් සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශිකයන් වෙත සංචාරක වීසා ලබාදීම ආරම්භ කරන බව ඉන්දීය රජය පවසයි.
එසේම වරලත් නොවන ගුවන් ගමන් සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැවුම් සංචාරක වීසා මත ඉන්දියාවට ඇතුළුවීම සඳහා 2021 නොවැම්බර් 15දා සිට අවසර ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.