ඉන්දියාව 2020 අවසානයේදී කොවිඩ් එන්නතක් දෙනවාලු


මෙම වසර අවසන් වනවිට කොවිඩ්-19 එන්නත ලබාගත හැකි බව ඉන්දියාවේ ඉහළ සෞඛ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

පැය 24ක් තුළ නව ආසාදන 69,239ක් වාර්තා කිරීමෙන් පසු ඉරිදා ඉන්දියාව විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් මිලියන 3ක් ඉක්මවා ඇති පසුබිමක මෙම අදහස් පළ වී ඇත.

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පැවසුවේ එරට කොවිඩ්-19 එන්නත අපේක්ෂකයෙකු එහි තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම්වල යෙදී සිටින බවයි.

"මේ වසර අවසන් වනවිට එන්නතක් නිපදවනු ඇතැයි අපට විශ්වාසයි" යැයි අමාත්‍යවරයා සෙනසුරාදා පැවසීය.

"සටනේ අටවැනි මාසයේදී ඉන්දියාවේ හොඳම ප්‍රකෘතිමත් වීමේ අනුපාතය 75%ක් පමණ වන බව පැවසීම සතුටට කරුණක්. රෝගීන් මිලියන 2.2ක් සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති අතර තවත් 700,000ක් ඉතා ඉක්මනින් සුව වනු ඇති." ඔහු සඳහන් කළේය.

ඉන්දියාවේ, මෘදු හා මධ්‍යස්ථ රෝග ලක්ෂණ ඇති රෝගීන් යම් යම් තත්ත්වයන් සපුරාලන්නේ නම් රෝග ලක්ෂණ ආරම්භයේ සිට දින 10කට පසුව තවදුරටත් සක්‍රීය ආසාදිතයන් ලෙස නොසැලකෙන බව විදෙස් වාර්තා පෙන්වයි. 



Recommended Articles