ඉන්දියානා සාප්පු සංකීර්ණ වෙඩි තැබීමකින් 4ක් මරුට


ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් හි ග්‍රීන්වුඩ් පාර්ක් සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසියට අනුව මෙම සිද්ධියෙන් තවත් පුද්ලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ඉන්දියානා ප්‍රාන්ත පොලිසිය වාර්තාකරුවන්ට පැවසුවේ, ග්‍රීන්වුඩ් පාර්ක් සාප්පු සංකීර්ණයේ අවන්හලක් තුළ වෙඩි තැබූ සමූහ වෙඩික්කරුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වෙඩි තැබූ පුද්ගලයාගේ චේතනාව දැනට අනාවරණය වී නොමැති අතර, වෙඩි තැබූ පුද්ගලයා සතුව රයිෆලයක් සහ මැගසින් කිහිපයක් තිබී ඇත.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ වෙළෙඳ සංකීර්ණය තුළ සිටි පුද්ගලයින් මාධ්‍ය වෙත කියා සිටියේ අවන්හල තුළ වෙඩි හඬ 20ක් ඇසුණු බවයි.



Recommended Articles