ඉතියෝපියාවේ යුද භීතිය වපුරන්නේ ඇමෙරිකාවලු


එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසුව ඉතියෝපියාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙස එරට රජය එක්සත් ජනපදයට චෝදනා කර තිබේ.

අප්‍රිකාවේ දෙවැනි වැඩිම ජනගහණයෙන් යුතු ඉතියෝපියාව තුළ දහස් ගණනක් මරා දැමුණු සහ මිලියන ගණනක් අවතැන් වූ ගැටුම් සමග අගමැති අබි අහමඩ්ගේ රජය සහ උතුරේ ටයිග්‍රේ ප්‍රදේශයේ කැරලිකාර හමුදා වසරකට වැඩි කාලයක් සටන් කරමින් සිටිති.

මෙම සතියේ අයර්ලන්ත රජය පැවසුවේ ගැටුම සම්බන්ධයෙන් අයර්ලන්තයේ ස්ථාවරය හේතුවෙන් ඉතියෝපියාව අයර්ලන්ත රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකුගෙන් හතර දෙනෙකු නෙරපා හැර ඇති බවයි.

විශේෂයෙන්ම ඉතියෝපියානු රජයේ ප්‍රකාශකයින් අවධාරණය කළේ රට පිළිබඳව සහ යුද්ධය පිළිබඳව වැරදි ආවරණයක් බටහිර ආණ්ඩු විසින් දියත් කර ඇති බවයි.

"ඉතියෝපියාව සම්බන්ධයෙන් ලැජ්ජාසහගත ව්‍යාජ ප්‍රවෘත්ති සහ අපකීර්තිය බෙදා හැරීමෙන් එක්සත් ජනපද රජය වැළකිය යුතුයි" බව ප්‍රාන්ත අමාත්‍ය කෙබෙඩේ ඩෙසීසා පැවසීය.



Recommended Articles