ඉතියෝපියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ වෙයි


ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ටයිග්‍රේ විමුක්ති හමුදාවෙන් ආරක්‍ෂා වීමට ආයුධ අතට ගන්නා ලෙස ඉතියෝපියානු අගමැති අබි අහමඩ් පුරවැසියන්ගෙන් ඉල්ලා සිට දින දෙකකට පසුව රාජ්‍ය අනුබද්ධ මාධ්‍යවල මෙම හදිසි තත්ත්වය පිළිබඳ නිවේදනය නිකුත් විය.

මේ අතර අඩිස් අබාබා හි බලධාරීන් නිවැසියන්ට පැවසුවේ ඔවුන්ගේ ආයුධ ලියාපදිංචි කර ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශ ආරක්ෂා කිරීමට සූදානම් වන ලෙසයි.



Recommended Articles