ඉතියෝපියාවේ වෙළඳ හා ප්‍රාදේශීය ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉරිදා සිට ඉන්ධන මිල 16%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
අමාත්‍යාංශය සෙනසුරාදා සවස නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයක සඳහන් කළේ, මෙම මිල ඉහළ දැමීමත් සමග පෙට්‍රල් මිල ලීටරයක් ඉතියෝපියානු බිර් 31.74 (එක්සත් ජනපද ශත 62ක් පමණ) සිට 36.87ක් දක්වා ඉහළ යනු ඇති බවයි.
එමෙන්ම, ඩීසල් ලීටරයක් ඉතියෝපියානු බීර් 28.98 සිට 35.43 දක්වා ඉහළ නංවා ඇති බවද එම ප්‍රකාශයේ සඳහන් වේ.
කෙසේ වෙතත් ඉතියෝපියානු රජය මෙසේ නවතම ඛණිජ තෙල් නිෂ්පාදන මිල ඉහල දැමීම මාස හතරක මිල ඉහළ දැමීමේ විරාමයෙන් පසුව සිදුකළේය. ඉහළ යන ගෝලීය තෙල් මිල මෙසේ මිල ඉහළ නැංවීමට හේතු වූ බවද ඉතියෝපියානු රජය පවසයි.