ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි මර්කාටෝ විවෘත වෙළෙඳපාළේ ගබඩාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තිබේ.
එමෙන්ම මෙම අනතුරින් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් රජයේ ඉතියෝපියානු පුවත් ඒජන්සිය වාර්තා කළේය.
මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු බේරාගෙන ඇති අතර තුවාල ලැබූවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර අති බවත් කියයි.