ඉතියෝපියාවේ නව අගමැති අබී අහ්මඩ් සහභාගී වූ දැවැන්ත රැළියක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට අඩ්ඩීස් අබාබා නගරයේ දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයකින් පැවති රැළියක මෙම පිපිරීම සිදුව ඇති අතර, පිපිරීමත් සමග අගමැතිවරයාගේ ආරක්ෂකයන් විසින් ඔහු එම ස්ථානයෙන් ක්ෂණිකව රැගෙන යාමට කටයුතු කර තිබේ.
මූලික පරීක්ෂණවලට අනුව මෙය ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් විය හැකි බව පොලීසිය සැකකරන අතර, පිපිරිමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේදී හිටපු අගමැති හෙයිලිමාරිඇම් ඩිසේල්ගන් හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අබී ඉතියෝපියාවේ නව අගමැතිවරයා ලෙස පත්විය.
ඔරෝමෝ ජනවර්ගයෙන් ඉතියෝපියාව තුළ බලයට පත්වූ ප්‍රථම අගමැතිවරයා ලෙස අබී සැලකෙයි.