ඉතාලියේදී මුඛ ආවරණයක් නැතිනම් යුරෝ 1,000ක දඩ


ඉතාලියේ දකුණු නගරය වන සලර්නෝ හි වෙළඳ සැල් තුළදී මුඛ ආවණයක් පැලඳීමට අපොහොසත් වීම එහි පදිංචි බොහෝ දෙනෙකුට මිල අධික වනු ඇති බව කියැවෙයි.

ඒ කැම්පානියා කලාපයේ වරාය නගරයේ පුද්ගලයන් තිදෙනෙකුට සෙනසුරාදා යුරෝ 1,000ක (ඩොලර් 1,150) දඩ මුදලකට යටත් වූ නිසාය.

සංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය. සංචාරක දූපතක් වන ඉෂියා ආශ්‍රිතවද මෙවැනිම දඩ මුදල් නියම කිරීමක් සිදුකර තිබේ.

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෙනසුරාදා ඉතාලියේ නව වෛරස් ආසාදිතයන් 275න් 21ක්ම කැම්පානියා පළාතෙන් වාර්තා වී ඇත. මිලියන 60ක ජනගහනයක් අතරින් ගතවූ දිනයේ මරණ 5ක් සමග සමස්ත මරණ සංඛ්‍යාවද 35,107ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 246,118කි.



Recommended Articles