ඉතාලියේ මිලාන් නගරයේ පදිංචි ඇන්ටෝනියා මෝර්ටෙන්සන් විශේෂ බලපත්‍රයක් යටතේ පවා තම රථය පැදයාමේදී පොලීසිය විසින් ඇයව රඳවා ගනු ලැබුවේ රථ වාහන වරදක් නිසා නොවේ.
ඒ ඇගේ රථයේ ගමන්ගත් මගියා පසුපස අසුනේ ගමන් නොකිරීමත්, දෙදෙනාම මුඛ ආවරණ පැළඳ නිවැරදි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිපදින්නේද යන්නත් පරීක්ෂා කර බැලීමටය.
ලෝකයම මුහුණදී ඇති නව කොරෝනා වෛරස වසංගතයේ මාරාන්තික උණුසුම් ස්ථානයක දැන් ජීවත් වන ඉතාලියානුවන්ට මේ වනවිට දැඩි සීමාවන් යටතේ ජීවත්වීමට සිදුව තිබේ.
ඉතාලියේ මියගිය සංඛ්‍යාව දැන් ලෝකයේ ඉහළම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වන 10,023කි. ඉතාලියේ සිවිල් ආරක්ෂක ඒජන්සිය අනුව සිකුරාදා අවසන් සංඛ්‍යාලේඛන නිකුත් කළ දින සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.
තහවුරු වූ රෝගීන් 92,472ක් සමග ඉතාලිය පෘථිවියේ වැඩිම මරණ අනුපාතය ඇති රට බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයද පවසයි. එමෙන්ම මෙම වසංගතයේ මුල් කේන්ද්‍රස්ථානය වන චීනය හා සැසඳීමේදී චීනයේ වාර්තා වූ ආසාදිතයන් 81,439කට තරමක් වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් මේ වනවිට ඉතාලියෙන් වාර්තා වී තිබුණත්, චීනයේ මරණ සංඛ්‍යාව වූ 3,300 මෙන් තුන් ගුණයකට වඩා වැඩි මරණ ඉතාලිය දැනට වාර්තා කර ඇත.
මේ වනවිට ආසාදිතයන් 124,646ක් වාර්තා කරන එක්සත් ජනපදයෙන් පසු ලොව වැඩිම තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව ලෙස දෙවැනි ස්ථානය ඉතාලිය සතුව ඇත. එහෙත් එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තවමත් 2,200කට වඩා වැඩිය.
ඒ අනුව ඉතාලිය කොවිඩ්-19 වසංගතය හමුවේ හය වැනි සතියේ සීමාවන්ට එළඹෙත්ම, බොහෝ දෙනෙකු විමසන්නේ එහි මරණ අනුපාතය අනෙක් රටවලට වඩා මෙතරම් ඉහළ මට්ටමක පවතින්නේ ඇයිද යන්නයි.