ඉතාලියේ භූමිකම්පාවක් - රටවල් කිහිපයකට දැනේ


ඉතාලියේ භූ කම්පන විද්‍යා ආයතනය විසින් ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ පෙසාරෝහි භූමිකම්පාවක් ඇතිවූ බව වාර්තා කරයි.

ඉතාලියේ රිමිනි නිකේතනයට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 5.5ක භූමිකම්පාව මධ්‍යම ඉතාලියේ සහ බෝල්කන් ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.

ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ නිවාස තත්පර කිහිපයක් කම්පනයට පත් වූ අතර සුළු හානි සිදුවූ බවට වාර්තා වූ නමුත් ජීවිත හානි සිදුවී නොමැත.

මධ්‍යම මාර්චේ කලාපයේ සමහර ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර, දුම්රිය මාර්ගයට හානි වූ බවට සැකයක් ඇති බැවින් ඇන්කෝනා නගරය අවට දුම්රිය නතර කර තිබේ.

ඉතාලි බලධාරීන් පැවසුවේ භූමිකම්පාව සිදුවූ අපිකේන්ද්‍රයේ කිලෝමීටර 8ක් ගැඹුරින් එය සිදුව ඇති බවයි.



Recommended Articles