ඉතාලියේ නව කොරෝනා වෛසරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ගෙවීගිය පැය 24ක කාලය තුළ 969කින් ඉහළ ගොස් ඇති අතර, එය මෙම ව්‍යසනය ආරම්භ වීමෙන් පසු දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාවයි.
ඉතාලියේ සිවිල් ආරක්ෂණ ඒජන්සියට අනුව, වෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇත.
පසුගිය දින තුළ නව කොරෝනා වෛරස් රෝගීන් 4,401 ක වැඩිවීමක් සිදුව ඇති බවද ඉතාලියේ සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.
දැනට මියගිය සහ සුවය ලැබූ ආසාදිතයන්ද ඇතුළුව මේ දක්වා ඉතාලියේ වාර්තා වූ කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව 86,498කි.
මීට පෙර දිනක් තුළ ඉතාලයේ වැඩිම මරණ සංඛ්‍යාව 793ක් ලෙස වාර්තා විය.