ඉතාලියේ නව කොරෝනා වෛරසය යළි හිස ඔසවමින්, ආසාදිතයන්ගේ ඉහළ යෑම ගැන තරුණ ප්‍රජාවට වැඩි දෝෂාරෝපණයක් එල්ල වී ඇති නිසා එරට තුළ සති තුනක කාලයක් සියලුම ඩිස්කෝ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට නියෝග කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් අත්සන් කරන ලද නියෝගයකින් රජය කියා සිටියේ සවස 6 සිට උදෑසන 6 දක්වා කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය බවයි.
එහිදී සංවෘත රාත්‍රී සමාජ ශාලාවල රැස්වීම දැනටමත් ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර, රාත්‍රී සමාජශාලා මෙහෙයුම්කරුවන්ගේ සංගමය වන SILB ට අනුව, මෙම පියවර සඳුදා සිට සැප්තැම්බර් 7 වන දින දක්වා ක්‍රියාත්මක වෙයි.
රට පුරා සමාජ ශාලා 3,000ක පමණ 50,000කට ආසන්න පිරිසක් සේවය කරන අතර, මේ සම්බන්ධයෙන් රජය සහ ප්‍රාන්ත බලධාරීන් සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණ තිබේ.