ඉතාලි රජය පියවර දෙකක සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, එමගින් රටේ පැවති හදිසි තත්ත්වය අවසන් වීමට ආසන්න බැවින් මෙතෙක් පැවති කොවිඩ්-19 සීමාවන් බොහොමයක් ඉවත් කීරීමට සැලසුම් කර ඇත.
සීමා ලිහිල් කිරීමේ සැලැස්මක් අනුමත කිරීම සඳහා ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගිගේ රජය රැස්වන බව කැබිනට් ප්‍රකාශයක් පවසයි.
ඩ්රාගි සහ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ විසින් තීරණ විස්තර කිරීම සඳහා පසුව ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ඇත.
වරක් යුරෝපයේ කොවිඩ්-19 අපිකේන්ද්‍රය බවට පත්වූ ඉතාලියේ මේ වනවිට කොවිඩ්-19 වෛරස සීමා ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, වසංගතයට එරෙහි එන්නත්කරණය හා බූස්ටර් මාත්‍රා ලබාදීම ප්රශස්ත මට්ටමක පැවතීමය.