කොවිඩ්-19 වසංගතයට ගොදුරු වීමෙන් ඉතාලියේ මියගිය ආසාදිතයන් සංඛ්‍යාව 20,465 දක්වා ඉහළ ගොස් තිබේ. එය පෙර දිනට වඩා 566ක වැඩිවීමක් ඉතාලි සිවිල් ආරක්ෂණ ඒජන්සිය සඳුදා ප්‍රකාශ කළේය.
සඳුදා දිවයිනේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 103,616 කි. ඉරිදා සිට මේ දක්වා තවත් පුද්ගලයින් 1,363ක් ආසාදනය වී තිබුණත්, එය පසුගිය සතියේ අඩුම වැඩිවීමකි.
දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම පහත වැටුණු අතර, මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 3,260ක් දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබයි.
ඉතාලියෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 159,516 කි.
පසුගිය සෙනසුරාදා එක්සත් ජනපදය පළමු වරට ඉතාලිය අභිභවා යමින් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව සඳුදා වනවිට එක්සත් ජනපදයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 23,604කි.
මේ අතර, ඉතාලි සෞඛ්‍ය ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් ඉතාලියේ කොවිඩ් -19 ආසාදනයේ පරිණාමයේ ලක්ෂණ විශ්ලේෂණය කිරීමේදී, එය චීනයේ වුහාන් හි සිදු වූ දෙයට සමානකම් ඇති බව නිගමනය කර තිබේ.