ඉතාලිය විසින් තවත් නව කොරෝනා වෛස ආසාදිතයන් 188ක් තහවුරු කර ඇති අතර, ඉන් තුනෙන් එකක්ම එරට කොවඩි-19 නිසා වැඩිම බලපෑමට ලක්වූ ලොම්බාර්ඩි කලාපයෙන් බව වාර්තා වෙයි.
මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ යුරෝපයේ වෛරසය පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව පවසයි.
ආපසු පැමිණෙන බංග්ලාදේශ සංක්‍රමණිකයන් සමග ආසාදිතයන් දුසිම් දෙකකට වඩා වැඩිවීමත් සමග, ඉතාලිය විසින් බංග්ලාදේශය සහ තවත් රටවල් 13ක් සමග ඇති සියලුම ගුවන් නවතා දමා තිබේ. සෙනසුරාදා, රෝමය අවට ලාසියෝ කලාපයේ නව ආසාදන 19න් 8 ක්ම බංග්ලාදේශ ප්‍රජා පොකුරට සම්බන්ධ වූවන් බව කියයි.
නව කොරෝනා වෛරසය සමග තවත් පුද්ගල මරණ 7ක්ද ඉතාලියෙන් වාර්තා වූ අතර, මේ සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 34,945ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ඉතාලියේ සමස්ත ආසාදිත අගය 242,827කි.