ඉතාලිය අවු.50ට වැඩි අයට එන්නත් අනිවාර්යය කරයි


ඉතාලිය තම සෞඛ්‍ය සේවයේ පීඩනය ලිහිල් කිරීමට සහ මරණ සංඛ්‍යාව අඩු කිරීමට උත්සාහයක් වශයෙන්වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් කිරීම අනිවාර්ය කර තිබේ.

එවැනි පියවරක් ගැනීමට කටයුතු කරන යුරෝපීය රටවල් කිහිපය අතර, මෙසේ එන්නත් අනිවාර්ය කිරීමට ඉතාලියද එක්ව තිබේ.

ඒ අනුව මෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.



Recommended Articles