කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් දෙවනුවට වැඩිම වාර්තා වූ ඉතාලිය අභිභවමින්, ස්පාඤ්ඤයේ වෛරසය ආසාදිත පිරිස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට ස්පාඤ්ඤයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 126,168ක් වාර්තා වන අතර, ඉතාලියේ එම අගය 124,632ක් බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ දක්වා වැඩිම කොවිඩ්-19 මරණ වාර්තා වූ රට ලෙස ඉතාලිය පෙරමුණේ සිටින අතර, එරටින් මරණ 15,362ක් වාර්තා වන අතර, දෙවනුවට ස්පාඤ්ඤයෙන් මරණ 11,947ක් වාර්තා වෙයි.
එසේම මේ දක්වා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් වැඩිම රටවල් අතරින් දෙවැනි තැනද ස්පාඤ්ඤය ලබා ඇති අතර එම අගය 34,219කි. එහිදී ඉතාලියේ සුවය ලැබූවන් සංඛ්‍යාව 20,996ක් පමණි.