ඉතාලි සරණාගත බෝට්ටු අනතුරේ මරණ 61ක් වෙයි


දකුණුදිග ඉතාලි වෙරළට ඔබ්බෙන් මුහුදේ ගිලීගිය සරණාගත බෝට්ටුවේ සිට මියගිය සරණාගතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.

යුරෝපය දක්වා සරණාගතයන් පිරිසක් රැගත් දැවමය බෝට්ටුවක් පෙරළී යාමෙන් මෙම ඛේදවාචකය සිදුව තිබේ.

පළාත් රාජයේ නිලධාරියෙකු වූ මැනුඑලා කුරේරා පවසා සිටියේ කුඩා බිලිඳෙකුගේ මළ සිරුරක් වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බවයි.



Recommended Articles