ඉතාලි ගිනිකඳු විදාරණය සමග ගුවන් ගමන් නවතී


ඉතාලියේ, නැගෙනහිර සිසිලියේ, කැටනියා නගරය ආශ්‍රිතව පිහිටි එට්නා ගිනි කන්ද විදාරණය වීමෙන් ලාවා පිටවීමක් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

ගිනිකන්ද විදාරණය වීමත් සමග යමහල්අළු අවට පැතිරීම නිසා ගුවන් ගමන්වලටද බාධා පැමිණ තිබේ.

කැටනියා නගරාධිපති එරිකෝ ට්‍රැන්ටිනෝ පවසා සිටියේ ඉදිරි පැය 48ක කාලය තුළ යතුරුපැදි සහ පාපැදි භාවිතයද තහනම් කර ඇති බවයි.

විශේෂයෙන්ම යමහල්අළු පැතිරීමත් සමග මහාමාර්ගවල ධාවනය අතිශය අසීරු නිසා මේ ආකාරයෙන් සීමා පැනවීමක් සිදුකර ඇත.



Recommended Articles