ඉතාලියේ මැග්ගෝර් විල හා ඇල්ප්ස් කඳුකරයට යාබදව පිහිටි කන්දක් හා යා කෙරුණු කේබල් කාර් රථයක් බිමට පතිත වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
ස්ට්රෙසා-මොටරෝන් කේබල් කාර් රථය මුහුදු මට්ටමේ සිට මීටර් 1,400 ක් පමණ ඉහළින් පිහිටි මැග්ගෝර් විල ආශ්රිත ස්ට්රෙසා නගරයේ සිට මොටරෝන් කන්ද මුදුනට සංචාරකයන් සහ ප්රදේශවාසීන් රැගෙන යයි.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේ කේබල් කාර් රථයේ මගීන් 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් ජීවිත බේරාගැනීමට හැකිවී ඇත්තේ දරුවන් දෙදෙනාට පමණි. එහිදී තුවාල ලැබූ දරුවන් හෙල්කොප්ටර් ගිලන් රථ ආධාරයෙන් ළඟම උතුරු නගරයක් වන ටියුරින් හි ළමා රෝහලකට ඇතුළත් කර තිබේ.