ඉඩාලියා කුණාටුවෙන් පසු ෆ්ලොරිඩාවට දැඩි හානියක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාවේ ගොඩබිමට කඩා වැදුණු ප්‍රධාන සුළි කුණාටුවක් වන ඉඩාලියා හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම්ද සිදුව ඇති අතර, බොහෝ නිවාස හා දේපොළවලට හානි සිදුව තිබේ.

කුණාටුවෙන් වැඩිම හානිය ප්‍රාන්තයේ බටහිර වෙරළ තීරයේ දක්නට ලැබෙන බව කියයි. එහිදී පහත් බිම් හරහා පැයට කිලෝමීටර් 200ක් දක්වා සුළං සහිත, 3 වැනි කාණ්ඩයේ සුළි කුණාටුව ලෙස එය ජෝර්ජියා ප්‍රාන්තය දෙසට ඇදී තිබේ.



Recommended Articles