ඉක්වදෝරයේ බන්ධනාගාරයේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් 116දෙනෙකු මියගොස් ඇති බවත්, එය රටේ ඉතිහාසයේ දරුණුතම බන්ධනාගාර ප්‍රචණ්ඩක්‍රියාව බවත් ඉක්වදෝර මාධ්‍ය වාර්තා කරයි.
අඟහරුවාදා ගුවායාකිල් නගරයේ බන්ධනාගාරයක් තුළ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් රැඳවියන් පස් දෙනෙකුගේ හිස ගසා දමා ඇති අතර අනෙක් අය වෙඩි තබා ඝාතනය කර ඇත.
සිරකරුවන් අත්බෝම්බද විසි කළ බව පොලිස් අණදෙන නිලධාරී ෆවුස්ටෝ බුවනාකෝ පවසයි.
ගෝලීය මත්ද්‍රව්‍ය කල්ලි සමග සම්බන්ධ වූ රැඳවියන් සිටින බන්ධනාගාරයේ පාලනය නැවත ලබා ගැනීමට පොලිස් නිලධාරීන් 400ක් පමණ යෙදවීමට සිදුව තිබේ.
ඉක්වදෝරයේ දැන් ක්‍රියාත්මක බලවත් මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි විසින් මෙම ප්‍රචණ්ඩක්‍රියාව සඳහා නියෝග කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.