ඉක්වදෝරයේ බන්ධනාගාර ගැටුමකින් 68දෙනෙකු මරුට


ඉක්වදෝරයේ විශාලතම බන්ධනාගාරය තුළ ප්‍රතිවාදී කල්ලි අතර දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

ලිටෝරල් බන්ධනාගාරයේ ඇති වූ නවතම ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් රැඳවියන් 68 දෙනෙකු මිය ගිය අතර එය මෑතකදී රටේ දරුණුතම බන්ධනාගාර ලේ වැගිරීමක් බව සඳහන් වේ.

වෙරළබඩ නගරයක් වන ග්වායාකුයිල් හි පැය අටකට ආසන්න කාලයක් ගැටුම් පැවතුනි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධ බන්ධනාගාර කල්ලි මෙම සටන්වලට හේතු වූ බව බලධාරීහු පවසති.



Recommended Articles