ඉක්වදෝරයේ දකුණුදිග නගරයක් වන ග්වායාකුවිල් හි පිහිටි බන්ධනාගාරයක් තුළින් සිරකරුවන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට බලධාරීන්ට හැකිවී තිබේ.
විවාහ මංගල්‍ය සඳහා භාවිත කළ මණ්ඩපයක තිබී මෙම මළ සිරුරු හමු වී ඇති අතර, ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිසිය මැදිහත් වූ බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.
මෙම බන්ධනාගාරය පසුගිය මාසයේ කැරලිවලින් ග්‍රහණය වූ අතර, සිරකරුවන්ගේ කල්ලි ආශ්රිත ප්රචණ්ඩත්වය හේතුවෙන් රැඳවියන් 119ක් මිය ගොස් 80කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.