ඉක්වදෝරයට, තායිලන්තයට තව එන්නත් තොග චීනයෙන්


ඉක්වදෝරයට ජාතික ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මේ සතිය මුලදී පළමු එන්නත් තොගය පැමිණීමෙන් පසුව, චීනයෙන් මිලදී ගත් දෙවැනි එන්නත් තොගයද ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය, අධ්‍යාපන හා හමුදා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ඉක්වදෝරය මේ වනවිට ප්‍රමුඛත්වය දී තිබේ.

මේ වන විට රට තුළ තහවුරු වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 344,877කි.

මේ අතර, චීනයේ සීනොවැක් වෙතින් තායිලන්තය ඇණවුම් කළ කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියනයක තුන්වැනි තොගය ඊයේ (10දා) බැංකොක් වෙත පැමිණියේය.

එහි පළමු හා දෙවැනි එන්නත් තොග පසුගිය පෙබරවාරි 24 සහ මාර්තු 20 යන දිනවල තායිලන්තයට ලබාදී තිබුණි.



Recommended Articles